April 26, 2024

කෝලිගේ ක්‍රිකට් පිත්තේ අලවන ස්ටිකරයට සුපිරි මිලක්

ක්‍රිකට් ලෝකයේ බලවත්ම රට ඉන්දියාවවන අතර ඉන්දියාවේ වෙසෙන ක්‍රිකට් ක්‍රීඩකයන් ද ලෝකයේ සිටින වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයෝ වෙති. 

ඉන්දියාවේ බොහෝ දැන්වීම්වලට ක්‍රිකට් ක්‍රීඩකයන් යොදා ගන්නා අතර ඒ වෙනුවෙන් ඔවුන්ට කෝටි ගණනින් මුදල් ගෙවනු ලබයි. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පිත්තේ අලවන ස්ටිකරයක් සඳහා කෝටි ගණනක මුදල් ගෙවන බව වාර්තා වේ.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පිත්තේ අලවන ස්ටිකරය වෙනුවෙන් මේ වනවිට වැඩිම අයකිරීමක් කරන ක්‍රීඩකයා බවට පත් ව ඇත්තේ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ය. ඔහුගේ පිත්තේ අලවා ඇති MRF ස්ටිකරය වෙනුවෙන් ඔහුට ගෙවන මුදල රුපියල් කෝටි 17.2 කි. එය ලෝකයේ පිතිකරුවෙක්ට සිය පිත්තේ ඇති ස්ටිකරය වෙනුවෙන් ගෙවන වැඩිම වටිනාකමයි.

රුපියල් කෝටි 12.9ක් සිය පිත්තේ ස්ටිකරය වෙනුවෙන් අය කරන දෝනි එහි දෙවැනි ස්ථානට පත් ව තිබේ. යුවරාජ් සිංට සිය පිත්තේ ස්ටිකරය වෙනුවෙන් ලැබෙන අගය රුපියල් කෝටි 8.6කි. ඉන්දියාවෙන් බැහර ව ක්‍රීඩකයෙන් සිය පිත්තේ ස්ටිකරය වෙනුවෙන් අය කරන වැඩිම මුදලට හිමිකම් කියන්නේ දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් ය. ඔහු අය කරන අගය රුපියල් කෝටි 7.52කි. ක්‍රිස් ගේල්ට සිය පිත්තේ ස්ටිකරය වෙනුවෙන් ලැබෙන අගය රුපියල් කෝටි 6.45කි.

 

 

Rate this item
(0 votes)