April 27, 2024

හිමාෂ 38 වැනි ස්ථානයට

අමෙරිකාවේ ඔරිගන් ප‍්‍රාන්තයේ පෝර්ට්ලන්ඩ්හිදී පැවති ගෘහස්ත මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේ මීටර් 60 ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන්, තරගකරුවන් 53 දෙනෙක් අතරින් 38 වැනි ස්ථානයට පත් ව තිබේ.

මීටර් 60 ඉසව්වේ 07 වැනි මූලික තරගයට සහභාගි වූ හිමාෂ 06 වැනියා ලෙස එම තරගය අවසන් කිරීමට සමත් විය. තරගය නිමා කිරීම සඳහා ඔහුට ගත වූ කාලය තත්ත්පර 6.81 කි. එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ලෙස ද සටහන් වේ.

හිමාෂ මීටර 60 ඉසව්වට සහභාගි වූ පළමු අවස්ථාව ද මෙය වේ.

තත්ත්පර 6.47 කින් තරගය අවසන් කළ අමෙරිකාවේ ටේ‍්‍රවොන් බ්‍රොමෙල් මීටර් 60 ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් අතර එහි දෙවැනි ස්ථානය ජැමෙයිකාවේ අසාෆා පවෙල්ටඩද (තත්ත්පර 6.50) තුන්වැනි ස්ථානය බාර්බඩෝස්හි රමෝන් ජිටෙන්ස්ට ද (තත්ත්පර 6.51) හිමි විය.

ඇසෑම් සාග් කී‍්‍රඩා උළෙලේ දී හිමාෂ වාර්තා කළ තත්ත්පර 10.26 ක කාලය සලකා බලා ඔහුට ලෝක ගෘහස්ත මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව ලබා දීමට ශ‍්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය පියවර ගෙන ඇත.

හිමාෂගේ පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද පෙරේරා මහතා ද මෙම තරගාවලියට සහභාගි විය.

Rate this item
(0 votes)