May 02, 2024

දෙවැනි පුහුණුවේදීත් ශ්‍රී ලංකාව පරදියි

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි පුහුණු තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15 ක පරාජයක් ලබd තිබේ.

පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 157ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 පමණි.  තරගය කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් පිටියේ දී ඊයේ (14) පැවැති අතර එම පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 10 වටයේ තරග දෙකකට සහභාගිවීමටත් නියමිත ය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සහීඩ් අෆ්රිඩී මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුහු කඩුලු 05කට ලකුණු 157ක් රැස් කළේ ය. අගනා පිති හරඹයක නිරත වූ මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 70ක් රැස් කළේ ය. තිසර පෙරේරා කඩුලු දෙකක් දවාගත්තේ ය.

ලකුණු 158ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක සබඳතාව ලකුණු 02කට සීමා වූයේ තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඩිල්ෂාන් දැවී ගිය බැවිනි. කෙසේ වුව ද ඉන් අනතුරු ව චන්දිමාල් මුලු ලකුණු සංඛ්‍යාව 39 දී දැවීගියේ ය. 

කෙසේ වෙතත් කපුගෙදර හා එක් වූ තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ලකුණු 76තක් දක්වා ගෙන ආ අතර කපුගෙදරගේ දැවීයාමෙන් පසුව දිගින් දිගටම ශ්‍රී ලංකා ඉනිම කඩාවැටෙන්නට විය. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ තිරිමාන්න ලකුණු 45ක් රැස් කළේ ය. පාකිස්තාන වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉමාඩ් වසීම් කඩුලු හතරක් දවාළී ය.  

 

Rate this item
(0 votes)