May 02, 2024

විස්සයි විස්ස තරගවලට වැස්සෙන් බාධා 

නෙදර්ලන්තයට සහ බංග්ලාදේශයට ජය අත් කරදෙමින් විස්සයි විස්ස තරගාවලියට අදාළ ව ඊයේ (13) දිනයේදීත් පුහුණු තරග දෙකක් නිමාවට පත් විය.

එක් තරගයක දී නෙදර්ලන්තය අයර්ලන්තය පරදවා ජය හිමිකරගත්තේ ලකුණු 12කිනි. ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් එම තරගගය පන්දු වාර 06 කට සීමා කෙරුණු අතර පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 59 ක් රැස් කර තිබේ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දු වාර 06 අවසානයේ දී ලබාගත හැකිවූයේ කඩුලු 07 ක් දැවී ලකුණු 47 ක් පමණි.

මේ අතර මෙම තරගාවලියට අදාළ ව ඕමානය සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති අනෙක් පුහුණු තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල විය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 180 ක් රැස් කර තිබේ.

අනතුරු ව වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඕමාන කණ්ඩායමට පන්දු වාර 12 ක් තුළ ලකුණු 120 ක ඉලක්කයක් හිමි විය.

කෙසේ වුව ද නියමිත පන්දු වාර 12 තුළ දී ඕමාන කණ්ඩායමට කඩුලු 09 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 65 ක් පමණි. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශ කණ්ඩායමට ජය හිමි විය.

 

Rate this item
(0 votes)