May 01, 2024

ඉන්දියායට යන්න පාකිස්තානයට අවසර

මෙවර ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානයේ පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම සහභාගි කරවීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාශය ඊයේ (12) අනුමැතිය ලබා දී තිබේ.

ඒ, ඉන්දියාව සහ පාකිස්තානය අතර මාර්තු 19 වැනි දා පැවැත්වෙන ලෝක කුසලාන තරගය සඳහා පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවට කොල්කටාව අයත් බටහිර බෙංගාල ප්‍රාන්ත රජයෙන් සහතිකයක් ලැබීමත් සමගිනි.

තරගය මීට පෙර පැවැත්වීමට නියමිත ව තිබුණේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ධර්මසාලා ක්‍රීඩාංගණයේ දී ය. එහෙත් තරගයට ආරක්ෂාව ලබාදීම ගැටළුවක් බව එම ප්‍රාන්තයේ මහඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

පාකිස්තාන ආරක්ෂක නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස් තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරු ව කියා සිටියේ තරගය එහි පැවැත්වීම පාකිස්තාන කණ්ඩාට අවදානම් සහිත බවයි. ඒ අනුව පාකිස්තානය ඉල්ලා සිටි පරිදි තරගය කොල්කටාව වෙත මාරු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය එකග විය.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාශයෙන් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අද (12) දිනයේ ඉන්දියාව බලා පිටත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල විධායක කමිටුවේ සභාපති නජාම් සේති කියා සිටී.

 

Rate this item
(0 votes)