May 01, 2024

බංග්ලාදේශ - අයර්ලන්ත තරගයට වැස්සෙන් බාධා

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ අටවැනි තරගය ලෙස බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර ඉන්දියාවේ ධරම්ශාලාහි දී අද (11) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගය විසඳුමකින් තොර ව අවසන් විය.

තරගය විසඳුමකින් තොර ව අවසන්වීම හේතුවෙන් දෙපිලටම ප‍්‍රසාද ලකුණ බැගින් හිමි විය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම ඕවර 08 ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 94 ක් ලබා සිටියේ ය.

 වේගවත් පිතිහරඹයක නිරත වූ තමීම් ඉක්බාල් (47) සහ සෞම්‍ය සර්කාර් (20) ආරම්භක පිතිකරු යුගළය බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු 26ක දී වාර්තා වූ තමීම් ඉක්බාල්ගේ ඉනිමට 06 පහර 04 ක් සහ හතරේ පහර 03 ක් ඇතුළත් වූ අතර පන්දු 13ක දී වාර්තා වූ සෞම්‍ය සර්කාර්ගේ ඉනිමට හතරේ පහර 03 ක් ඇතුළත් විය.

මින් පෙර පැවැති තරගවල දී නෙදර්ලන්තය ලකුණු 08 කින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වූ අතර අයර්ලන්තය කඩුලූ 02 කින්  ඕමානය හමුවේ පරාජයට පත් විය.

Rate this item
(0 votes)