April 26, 2024

ක්‍රිකට් ක්‍රීඩා ඉරියව් පිළිබඳ පුර්ණ විමර්ශනයක්

සැකයට ලක් වී ඇති පන්දු යවන්නන් ගේ ඉරියව් වාර්තා කිරීමට සහ ඒ පිළිබඳ පරීක්ෂා කර බැලීම වෙනුවෙන් දැනට පවතින ක්‍රියාමාර්ග ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව අන්තර් ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් අනු කමිටුව පවසයි.ඒ අනුව තරඟ විනිශ්චයකරුවන්ට පන්දු යවන්නන්ගේ සැක සහිත ඉරියව් වඩා විශ්වාසනීය ලෙස හඳුනා ගැනීමට හැකි අයුරින් වෙනස් කම් හඳුන්වා දීමට, ඉරියව් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ජෛවතාක්ෂණික ශිල්පීන්ගේ සහාය ලබා ගැනීමට සහ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩලය වෙත වාර්තා කරනු ලබන පන්දු යවන්නන් සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටීමට පියවර ගත යුතු බව අනිල් කුම්බ්ලේ සභාපතිත්වයෙන් යුත් අනු කමිටුව ජගත් පාලක මණ්ඩලයට නිර්දේශ කරයි.

(බි.බි.සි.)

Rate this item
(0 votes)