April 27, 2024

පළමු පුහුණු තරගයෙන් ලංකාව පරදී

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඊයේ (10) සහභාගී වූ පළමු පෙරපුහුණු තරගයේ දී නවසීලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් ව තිබේ.

ඒ ලකුණු 74 කිනි. තරගයේ මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 226 ක් රැස් කර ඇත.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබා ගත්තේ ලකුණු 152 ක් පමණි.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පෙර පුහුණු තරගය කඩුලු 05 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් ව තිබේ.

 

Rate this item
(0 votes)