April 27, 2024

ආරක්ෂක හේතු මත ක්‍රීඩාංගණ මාරු කරයි 

පකිස්ථානයේ දැඩි ඉල්ලීම මත ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරගයේ ක්‍රීඩාංගණය වෙනස් කර තිබේ.

ඒ අනුව එළැඹෙන 19 වැනිදා ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගය කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියට සහභාගීවන පකිස්ථාන කණ්ඩායම ඊයේ (09) ඉන්දියාවට පැමිණීමට නියමිත ව තිබුන ද ක්‍රීඩාංගණවල ආරක්ෂාව පිළිබඳ ගැටලු හේතුවෙන් ඔවුන් එය ප්‍රමාද කර තිබේ.

ඉන්දියාව සමග තරග පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර ඇති ක්‍රීඩාංගණ නොමැති ව වෙනත් ක්‍රීඩාංගණ තෝරා ගන්නා ලෙසට පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් ඉල්ලා ඇත.

ධර්මසාලා නුවර පකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයක් පැවැත්වීමට නියමිත ව තිබු අතර ඊට ධර්මසාලා නුවර ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්ථානයෙන් ඉන්දියාවට පැමිණි විශේෂ ආරක්ෂක කණ්ඩායමක් විසින් ක්‍රීඩාංගණ පරීක්ෂා කිරීමට ද නියමිතයි. 

 

Rate this item
(0 votes)