April 28, 2024

විස්සයි 20 ලෝක කුසලාන නායකත්වය මැතිව්ස්ට

T-20 ලෝක කුසලාන තරගාවලියෙහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හා උප නායකත්වය දිනේශ් චන්දිමාල්ට ලබා දී තිබේ.

ඉන්දියාවේ දී අරම්භවීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය විසින් පත් කළ නව කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක) තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර දසුන් ශානක, තිසර පෙරේරා, ණුවන් කුලසේකර, රංගන හේරත්, සුරං ලක්මාල් සචිත්‍ර සේනානායක, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර වේ.

මීට පෙර සංචිතයට ඇතුළත් ව සිටි නිරෝෂාන් දික්වැල්ලට හා ජෙෆ්රි වැන්ඩසේට කණ්ඩායමේ ස්ථානය අහිමි ව ඇති අතර ඒ වෙනුවට සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න කැඳවා ඇත.

 

Rate this item
(0 votes)