April 28, 2024

ලෝක කුසලානයේ පළමු වටය ඇරඹෙයි

රටවල් 16 ක් 20 - 20 ක්‍රිකට් කිරුළේ බලවතාවීමට සැරසෙන 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග නිල වශයෙන් අද (08) ඉන්දියාවේ දී ආරම්භ වේ. 

ඒ අනුව බංග්ලාදේශය, නෙදර්ලන්තය, අයර්ලන්තය හා ඕමානය 'ඒ' කාණ්ඩයෙනුත්, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, හොංකොං 'බී' කාණ්ඩයෙනුත් තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩවලින් පෙරමුණ ගන්නා පළමු කණ්ඩායම පමණක් ප්‍රධාන තරගාවලියට එක්වීමට නියමිතයි. 

පළමු වටයේ තරග ආරම්භ කරමින් අද හොංකොං හා සිම්බාබ්වේ ද ඇෆ්ගනිස්තානය හා ස්කොට්ලන්තය ද තරග කිරීමට නියමිත ය. 20 - 20 ලෝක කුසලානයේ ප්‍රධාන තරගාවලිය මෙම මස 15 වැනි දා ඉන්දියාව හා නවසීලන්තය අතර තරගයෙන් ආරම්භවන අතර, ශ්‍රී ලංකාව සිය පළමු තරගයට සහභාගි වනුයේ  17 වැනි දා 'බී' කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම සමගිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) සවස ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතයි.

 

Rate this item
(0 votes)