April 28, 2024

කණ්ඩම්බිත් ක්‍රිකට්වලට සමුදෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින හා 20 - 20 ක්‍රිකට් ක්‍රීඩා කළ තිළිණ කණ්ඩම්බි සිය ක්‍රිකට් ජීවිතයේ සමුගැනීම නිල වශයෙන් අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

2004 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව ජාතික කණ්ඩායමේ එක්දින වර්ණ හිමිකර ගන්නා විට කණ්ඩම්බි 21 හැවිරිදි වියෙහි පසු විය. මේ වනවිට එක්දින තරග 39 කදී ලකුණු 870 ක් හා 20 - 20 තරග 05කදී කඩුලු 02 ක් පමණක් දවාගෙන ඇත.

කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා වශයෙන් කටයුතු කළ කණ්ඩම්බි සමු ගැනීම ප්‍රකාශයට පත්කරන විට 33 හැවිරිදි වියෙහි පසුවන්නේ ය. කණ්ඩම්බි කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ අතර ශ්‍රී ලංකා 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ ජාතික සංචිතවල ද නායකයෙකු හා උපනායකයෙකු ලෙස කටයුතු කර තිබේ.

 

Rate this item
(0 votes)