April 28, 2024

ආසියානු කුසලානය ඉන්දියාවට

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08 කින් පරායජය කර ආසියානු කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (06) සමත් විය.

ආසියානු ශූරයන් ලෙස ඉන්දියාව අභිසෙස් ලැබූ 06 අවස්ථාව මෙයවන අතර ඒ අනුව ඔවුන් ආසියානු කුසලානය වැඩිම සංඛ්‍යවක් දිනාගත් කණ්ඩායම වේ. 

මීට පෙර ශ්‍රී ලංකාව (5) සමගින් ඔවුන් සමතැන් පසු විය. එහි දී බංග්ලාදේශ කණ්ඩායමට දෙවැනි වරටත් ආසියාවේ දෙවැනි බලවතාවීමෙන් පමණක් සෑහීමට පත්වීමට සිදු විය. අවසන් වරට ඉන්දීය කණ්ඩායම 2010 වසරේ ආසියානු ශූරයන් වී සිටි අතර, බංග්ලාදේශය 2012 වසරේ අනුශූරයන් වී සිටියහ.

1984 වසරේ ආරම්භ වූ ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ පැවති පළමු 20 - 20 තරගාවලිය මෙය වූ අතර මෙතෙක් පැවති තරගාවලි එක්දින තරග කාණ්ඩයෙන් පැවැත් විය.

බංග්ලාදේශ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 121 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම තරගයේ 13.5 වැනි පන්දු වාරයේ දී කඩුලු 02 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 15 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 120 රැස් කිරීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස ශිකර් දවාන් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස සබීර් රෙහමාන් සම්මාන දිනාගත්තේ ය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ ආරම්භය පැය දෙකක් පමණ ප්‍රමාද කිරීමට සිදු වූ අතර ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 15කට සීමා කෙරිණි.

 

Rate this item
(0 votes)