April 28, 2024

වත්තල ජාත්‍යන්තර පාසල පෙරමුණට - සමාප්ති උත්සවය අද

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 16 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වු ඊයේ (05) දවසේ තරග අවසානයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ප‍්‍රසාද ලකුණු 596 ක් ලබා පෙරමුණ ගෙන තිබේ.

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල (ප‍්‍රසාද ලකුණු 574) සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල (ප‍්‍රසාද ලකුණු 310) පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටියි. ඉදිරියෙන් සිටින වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පසුගිය වසරේ පැවති මෙම තරගාවලියේ ශූරතාවත් සමග මේ දක්වා පිට පිටම හත් වරක්ම ශූරතාව දිනා සිටින පාසල වේ.

තරගාවලියේ මේ දක්වා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිහිටුවා තිබෙන තරගාවලි වාර්තා සංඛ්‍යාව 10 කි.

අද (06) පස්වරු 5.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාප්ති උත්සවය වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

 

Rate this item
(0 votes)