May 06, 2024

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සංචාරය දෙසැම්බරයේ දී

2016 - 2017 තරගවාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරග කාලසටහන පසුගිය දා එළිදැක් විය.

ඒ සඳහා ටෙස්ට් තරග 03 ක්, එක්දින තරග 05 ක් හා 20 - 20 තරග 03 ක් තරගාවලිය සඳහා ඇතුළත් වේ.

එළැඹෙන දෙසැම්බර් මස මැද භාගයේ ටෙස්ට් තරගාවලියක් අදාළ සංචාරය ඇරඹෙන අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට එරට ප්‍රධාන පෙළේ 20 - 20 තරගාවලියවන රාම් ස්ලාම් 20 - 20 තරගාවලියට ද දින වෙන් කරමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලිය දෙසැම්බර් මස 26 වැනි දා ආරම්භවීමට නියමිතයි. 

2017 ජනවාරි 20 වැනි දින 20 - 20 තරග ඇරඹෙන අතර ජනවාරි 28 දින සිට එක්දින තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 

තරගාවලියේ එකම පුහුණු තරගය තුන්දින තරගයක් ලෙස දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම සමග දෙසැම්බර් 18 වැනි දා පැවැත් වේ.

 

Rate this item
(0 votes)