May 06, 2024

පාකිස්තානයට ජය 

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය අත්කර ගැනීමට පාකිස්තානයට ඊයේ (29) හැකි වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග එම තරගය පැවැත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම  සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 129ක් රැස් කළහ.

මොහොමඩ් අමීර් ලකුණු 06කට කඩුලු 02ක් බිඳ හෙලා තිබේ. පාකිස්තාන පිළ පන්දු වාර 18යි පන්දු 04 ක දී කඩුලු 03ක් දැවී ලකුණු 131ක් ලබමින් තරගයේ ජය හිමි කර ගනු ලැබී ය.

ෂොයිබ් මලික් නොදැවී ලකුණු 63ක් රැස් කළ අතර උමාර් අක්මාල් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේ ය.

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මීර්පූර්හි දී අද (01) පැවැත් වේ.

එම තරගය සඳහා ද ශ්‍රී ලංකා 20 - 20 කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංගගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අතර මෙතෙක් පැවැති 20 - 20 තරග 09ක දී ඉන්දියාව තරග 05ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 04ක් ජයග්‍රහණය කර ඇත.

 

Rate this item
(0 votes)