May 07, 2024

ලීග් රග්බි ශූරතාවය මහනුවරට

February 29, 2016

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ 2015/2016 අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය ඊයේ (28) සමත් විය.

මහනුවර පිල මෙවර තරගාවලියේ තරග 14 ම ජය ලබා අපරාජිතව ශූරයන් බවට පත්වීම කැපී පෙනෙන්නකි.

අනු ශූරයන් වූ හැව්ලොක්ස් පිල තරග 14 න් තරග 11 ක් ජය ලැබූ අතර හැව්ලොක්ස් පිල අනු ශූරතාව හිමිකර ගත්තේ ය.

මෙවර තරගාවලියේ අවසන් තරගය ලෙස මහනුවර පිල සහ හැව්ලොක්ස් පිල අතර නිත්තවෙල පිටියේදී අද (28) පැවැති තරගයෙන් මහනුවර පිල ලකුණු 27-12 ක පහසු ජයක් ලැබීය.

හැව්ලොක්ස් පිල වෙනුවෙන් උත්සාහක දිනුම් 12 ක් සම්පූර්ණ කළ ප‍්‍රසාද් මධුසංඛ තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා ලෙස ද, නාවික හමුදා පිලේ තිළිණ වීරසිංහ තරගාවලියේ වැඩිම ප‍්‍රසාද ලකුණු ලැබූ ක‍්‍රීඩකයා ලෙස ද, සම්මාන ලැබූහ.

ජයග‍්‍රාහි මහනුවර පිල ගෝලයකින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු රැස් කළේය. හැව්ලොක්ස් පිල ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.

Rate this item
(0 votes)