May 07, 2024

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට නව ප්‍රධානියෙක්

February 27, 2016

ගියානි ඉන්ෆැන්ටිනෝ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා ලෙස තේරී පත් වී තිබේ.

ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර ඊයේ (26) පැවති ඡන්ද විමසීමේ දී ඔහු සිය සමීපත ම ප්‍රතිවාදියාවන ආසියානු පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධානි ෂෙයික් සල්මාන් බින් ඊබ්‍රහිම් අල් කලීෆා දෙවන වටයේ දී පරාජය කළේ ය. 

පළමු වටයේ දී ඡන්ද 88 ක් ලබාගත් ගියානි, ෂෙයික් සල්මාන්ට වඩා ඡන්ද 03 ක් ඉදිරියෙන් සිටි අතර දෙවන වටයක් පැවැත්වීමට සිදුවූයේ ඔහුට මුළු ඡන්ද සංඛ්‍යාව වූ 207 න් 50% ක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.

ඔවුන් දෙදෙනා අතර පැවති දෙවන වටයේ දී ගියානිට ඡන්ද 115 ක් හිමි වූ අතර එය ෂෙයික් සල්මාන්ට වඩා 27 ක බහුතරයකි. ලෝක පාපන්දු සම්මේලනයේ නව ප්‍රධානියාවන ගියානි ඉන්ෆැන්ටිනෝ ද ස්විට්සර්ලන්ත ජාතිකයෙකි.

ඔහු 1998 වසරේ සිට ලෝක පාපන්දු සම්මේලන ප්‍රධානියාවන ස්විස් ජාතික සෙප් බ්ලැටර් වෙනුවට ලොව පාපන්දු ක්‍රීඩාව මෙහෙයවයි.

ඉන්ෆැන්ටිනෝගේ නිවස සහ හිටපු ප්‍රධානී බ්ලැටර්ගේ නිවහන් අතර පවතින්නේ සැතපුම් 06 ක වෙනසකි. ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රධානි තනතුර සඳහා දෙවන වටයේ ඡන්ද විමසීමක් ඊයේ පැවැත්වුණේ ද 1974 වසරින් පසු ප්‍රථම වතාවට ය.

Rate this item
(0 votes)