May 07, 2024

නැවතත් අංක එකට ආ ඔස්ට්‍රේලියාවට ඩොලර් මිලියනයක්

February 26, 2016

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමට අනුව නැවතත් ප්‍රථම  ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිනාගෙන තිබේ. 

ඒ ප්‍රසාද ලකුණු 112 ක් හිමිකර ගනිමිනි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වාර්ෂික ව පිරිනැමෙන අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ද හිමි වේ.

නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට හැකිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් ශ්‍රේණිගත කිරීමේහි අංක එකට පත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂික ව ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින කණ්ඩායම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක් ප්‍රදානය කරන අතර, එහි තෝරා ගැනීම් අප්‍රේල් මස 01 වැනිදායින් නිම වේ. 

කෙසේ වෙතත් ඉදිරි මාස දෙක තුළ දී කිසිදු රටකට ටෙස්ට් තරග නොමැති හෙයින් දැනට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අදාළ ත්‍යාග මුදල පිරිනමා ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 110ක් ලබමින් දෙවැනි ස්ථානයයේ පසුවන ඉන්දීය කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 500,000 ක්ද, ප්‍රසාද ලකුණු 109 ක් ලබමින් තෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 200,000 ක්ද ප්‍රසාද ලකුණු 106 ලබමින් සිවුවැනි ස්ථානයේ පසුවන පාකිස්තානු කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 100,000ක් ද ත්‍යාග මුදල් වශයෙන් හිමිවීමට නියමිතයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 February 2016 09:28