May 06, 2024

ඉන්දියාවට ජයග්‍රාහී ප්‍රවිෂ්ටයක්  

February 25, 2016

බංග්ලාදේශ කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (24) පැවැති පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 45 ක පරාජයක් හිමි කර ගනු ලැබී ය.

ඒ අනුව ජයග්‍රහණයකින් තරගාවලියට ප්‍රවිෂ්ටවීමට ඉන්දියාවට හැකි විය.

ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 167 ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

තම ප්‍රේක්ෂයන්ට ජයග්‍රාහී අවසානයක් දැකබලා ගැනීම සඳහා වෙහෙස වූ සබීර් රෙහමාන් අංක 03 පිතිකරුවා ලෙස පිටියට පිවිස ලකුණු 44 ක් රැස් කළේ ය. ඔහු හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ජයග්‍රහණය අවැසි දායකත්වය බංග්ලාදේශය වෙනුවෙන් ලබාදීමට නොහැකි විය. 

ඉන්දියාව වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම සනිටුහන් කළ අශිෂ් නෙහරා සිය පන්දුවාර 04 තුළ දී ලකුණු 23කට කඩුලු 03ක් දවාළී ය.

බංග්ලාදේශ නායක මෂ්රාෆි මොර්ටාසාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 166 ක් රැස්කිරීමට සමත් විය. 

 

Rate this item
(0 votes)