May 06, 2024

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 34ක ජයක් 

February 23, 2016

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර රංචිහි දී ඊයේ (22) පැවති 20 - 20 ජාත්‍යන්තර තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 34ක ජයක් හිමි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 130ක් රැස් කර තිබේ.

සුගන්දිකා කුමාරි ලකුණු 28කට කඩුලු 03 ක් බිද හෙලූ අතර, එෂානි කෞශල්‍යා ලකුණු 19කට කඩුලු 02ක් බිද හෙලනු ලැබී ය.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 96ක් පමණි.

ඩිලානි මනෝදරා ලකුණු 41ක් රැස් කළ අතර, අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 ඉක්මවා යාමට නොහැකි විය.

අනූජා පටිල් ලකුණු 14කට කඩුලු 03ක් බිඳ හෙලී ය. ඒ අනුව ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන 20 - 20 තරගාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව ය.

 

Rate this item
(0 votes)