May 06, 2024

සාග් රන් පදක්කම් දිනුවන්ට උසස්වීම්

February 21, 2016

ඉන්දියාවේදී පැවති 12 වැනි දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් සිව්දෙනකුට උසස්වීම් පිරිනැමීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා පියවර ගෙන ඇත.  

ඒ අනුව පාපැදි ඉසව්වෙන් රන් පදක්කම් 2 ක් දිනාගත් කෝප‍්‍රල් ජීවන් ජයසිංහ සැරයන් නිලයටද, උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් කෝප‍්‍රල් මංජුල කුමාර සැරයන් නිලයටද, මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් කෝප‍්‍රල් නිමාලි ලියනාරච්චි සැරයන් නිලයටද, රිටි පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ගුවන් භට ඉෂාර සදරුවන් කෝප‍්‍රල් නිලයටද උසස් කිරීම පසුගිය දා ගුවන් හමුදා මුලස්ථානයේ සිදු කෙරිණ.

තවද පදක්කම් ලාභි ගුවන් හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සියලූම දෙනාටම මුදල් ත්‍යාග පිරිනැමීමක්ද එහිදී සිදු කෙරිණ. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා කී‍්‍රඩා සංචිතයේ නිලධාරීන් මෙන්ම සෙසු නිලයෝ රැසක්ද සහභාගි වූහ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් 97 දෙනෙක් සහ නිලධාරීන් 11 දෙනෙක් ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු තරගාවලියට සහභාගි වූ අතර එහිදී රන් පදක්කම් 05 ක්, රීදී පදක්කම් 25 ක් සහ ලෝකඩ පදක්කම් 27ක් දිනාගැනීමට ඔවුහු සමත් වූහ.

 

Rate this item
(0 votes)