May 06, 2024

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

February 19, 2016

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට හා බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා තේරීම් කමිටුව නම් කර තිබේ.

කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර ඇති අතර උපනායක ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කර ඇත.

ඉන්දීය සංචාරයට එක් වූ දිල්හාර ප්‍රනාන්දු, සීක්කුගේ ප්‍රසන්න, ධනුෂ්ක ගුණතිලක, කසුන් රජිත, බිනුර ප්‍රනාන්දු, අසේල ගුණරත්න යන ක්‍රීඩකයන්ට ලෝක කුසලානයේ දී හා ආසියානු කුසලාන තරගාවලියේ දී කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

ආබාධයක් හේතුවෙන් එම තරගාවලි සඳහා ක්‍රිඩා නොකළ  නායක ලසිත් මාලිංග, උපනායක ඇන්ජලෝ මැතිව්ස්  හා ණුවන් කුලසේකරට අමතර ව ශෙහාන් ජයසූරිය, රංගන හේරත් කණ්ඩායමට පැමිණ ඇත.

ආසියානු හා ලෝක කුසලාන සංචිතය - ලසිත් මාලිංග (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උපනායක), දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, නිරෝෂාන් දික්වැල්ල, ශෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක, චාමර කපුගෙදර, ණුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, රංගන හේරත්, ජෙෆ්රි වැන්ඩසේ

 

Rate this item
(0 votes)