May 06, 2024

ඉන්දියාව සහ පාකිස්ථානය මුහුණට මුහුණ හමුවෙයි

February 17, 2016

වසර ගණනාවකට පසුව ඉන්දියාව සහ පාකිස්ථානය මාර්තු මස 19 වැනි දා මුහුණට මුහුණ හමුවීමට නියමිත බව වාර්තා වේ.

ඒ ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියේ දී ය. මෙම තරගය ඉන්දියාවේ පැවැත්වෙන අතර ඒ පිළිබඳ ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමුවනු ඇත. 

ඉන්දියාව සහ පාකිස්ථාන අතර පවතින දේශපාලන අර්බුධ හේතුවෙන් එම රටවල් අතර ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ අඩු වශයෙනි. ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 08 වැනි දා ආරම්භවන අතර ඊට කණ්ඩායම් 16 ක් සහභාගී වෙයි.

 

Rate this item
(0 votes)