May 06, 2024

ඉන්දියාව පරදා කොදෙව්වන් ලෝක කුසලානය දිනාගනී

February 14, 2016

ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින් 19 පහළ එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (14) සමත්වූයේය. 

කොදෙව් කණ්ඩායමක් 19 පහළ ලෝක කුසලාන තරගාවලියක ශූරාතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වූ අතර 2004 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වීම ඔවුහු ලෝක කුසලාන තරගාවලියක පෙන්වා තිබූ ඉහළම දක්ෂතාව විය.

19 පහළ ලෝක කුසලාන තරගාවලිය තෙවරක් ජයගෙන ඇති ඉන්දීය කණ්ඩායම අනුශූරතාවකින් සෑහීමකට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය. 2006 වසරේදී ඔවුහු මීට පෙර අනුශූරතාවකින් සෑහීමකට පත්ව තිබුණේ පාකිස්තාන කණ්ඩායම හමුවේය.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන්ම පන්දුවට ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු  145ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් තරගයේ අවසාන පන්දුවාරයේදී ජයග්‍රහණය පසුකර ගියේ කඩුලු පහක් වැයකරමිනි.  බංග්ලාදේශයේ ශෙරේ බංග්ලා පිටියේ අවසන් තරගය පැවැත්විණ. 

 

Rate this item
(0 votes)