May 05, 2024

විනෝජ් සුරංජන්ගෙන් රන් පදක්කමක්

February 12, 2016

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ හත්වැනි දිනය වූ ඊයේ (11) දිනයේ ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම දිනා ගැනීමට මීටර 200 පිරිමි ධාවන ඉසව්ව නියෝජනය කළ විනොජ් සුරන්ජන් ද සිල්වා සමත් වී ඇත.

තරගය අවසන් කිරීම සඳහා විනෝජ් තත්පර 21.00ක කාලයක් ගත කර තිබේ. කෙසේ වුව ද ඔහුට දකුණු ආසියානු හෝ ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යාමට නොහැකි විය.

එහි දකුණු ආසියානු වාර්තාව 2004 වසරේ දී ඉස්ලාමාබාද් නුවර දී රොහාන් ප්‍රදීප් කුමාර (තත්පර 20.99) විසින් ද ශ්‍රී ලංකා වාර්තාව සුගත් තිලකරත්න (තත්පර 20.69) 1998 වසරේ බැංකොක්හි දී ද පිහිටුවා තිබේ.

 

Rate this item
(0 votes)