May 05, 2024

දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව සහ පිරිමියා ශ්‍රී ලංකාවෙන්

February 10, 2016

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා හා පිරිමි ඉසව් දෙක ජය ගමින් කලාපයේ වේගවත්ම මිනිසාට හා කාන්තාවට හිමි තැන ශ්‍රී ලංකාවට හිමිකරදීමට හිමාෂ ඒෂාන් හා රුමේෂිකා රත්නායක සමත් වී තිබේ.

හිමාෂ ඒෂාන් මීටර් 100 ඉසව්ව තත්පර 10.28කින් නිම කරමින් රන් පදක්කම දිනාගනිද් දී රුමේෂිකා රත්නායක මීටර් 100 කාන්තා ඉසව්ව නිම කළේ තත්ත්පර 11.71කිනි. 

පිරිමි පළමු සුදුසුකම් ලැබීමේ තරගයේ දී එම ඉසව්ව තත්ත්පර 10.26කින් නිම කිරීමට හිමාෂ ඒෂාන් සමත් වූ අතර එය දකුණු ආසියානු හා ශ්‍රී ලංකාව වාර්තාවකි.

 

Rate this item
(0 votes)