May 05, 2024

බංග්ලාදේශය අවසන් පූර්ව වටයට

February 06, 2016

බංග්ලාදේශයේ පැවැත්වෙන වයස 19 පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්වවය ආරම්භ කරමින් ඊයේ (05) පැවැති පළමු තරගයෙන් නේපාලය පරාජය කර කඩුලු 06 ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර 19 පහළ ලෝක කුසලාන තරගාවලියක බංග්ලාදේශ කණ්ඩායමක් එම වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්තාව මෙය වේ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 211 ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ 48.2 වැනි පන්දුවාරයේ දී කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 215 ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කර ගත්හ.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 55 ක් රැස්කර කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය මෙහෙ දි හසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය .  

 

Rate this item
(0 votes)