May 05, 2024

ලෝක කුසලානය තෙක් 20/20 නායකත්වය මාලිංගට

February 03, 2016

මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ සහ ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (02)  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි ඒ මහතා මේ බව කියාසිටියේ ය.

එහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඇන්ජෙලෝ මැතිව්ස් එළැඹෙන ආසියානු සහ ලෝක කුසලාන පන්දුවාර 20 යි 20 තරගාවලිවල උප නායකයා ලෙස කටයුතු කරන බව ය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා තම ධුරය භාර ගැනීමෙන් අනතුරුව පළමු මාධ්‍ය හමුවට සහභාගීවූයේ ද ඊයේ දිනයේදී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 February 2016 14:43