April 28, 2024

කලුවිතාරණ ආසියානු කුසලානයට

February 01, 2016

බංග්ලාදේශයේ දී ආරම්භවීමට නියමිත ආසියානු ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රොමේෂ් කලුවිතාරණ නිර්දේශ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

හිටපු ශ්‍රී ලංකා ඒ පුහුණුකරුවෙකුවන කලුවිතාරණ එම යෝජනාව පිළිගත් බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ටෙස්ට් තරග 49කදී හා එක්දින තරග 189කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති කලුවිතාරණ 1996 වසරේ ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ.

Rate this item
(0 votes)