April 28, 2024

ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ග්‍රැහැම් ෆෝර්ඩ් පත්කර තිබේ.

දකුණු අප්‍රිකා ජාතිකයකුවන 55 හැවිරිදි ග්‍රැහැම් ෆෝර්ඩ් 2012 වසරේ සිට 2014 වසර දක්වා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

සරේ ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි ග්‍රැහැම් ෆෝර්ඩ් ඉන් ඉවත් වී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට පැමිණ ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

 

Rate this item
(0 votes)