April 28, 2024

පළමු T20 ආසියානු කුසලානය 24 ඇරඹේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 24 වැනි දා බංග්ලාදේශයේ දී ආරම්භවීමට නියමිත ය. 

ආසියානු කුසලාන තරගාවලිය 2016 වසරේ සිට 20 - 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර එහි වත්මන් ශූරයන්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය පෙබරවාරි 25 වැනි දා පැවැත්වීමට නියමිතයි. ඒ ඇෆ්ගනිස්තානය, ඕමානය, හොංකොං හා එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමක් සමගිනි.

අදාළ කණ්ඩායම් හතර සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කරන අතර එයින් පෙරමුණ ගන්නා කණ්ඩායම ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබයි.

ප්‍රධාන තරගාවලියට 20 - 20 තරග 11ක් ඇතුළත් අතර අවසන් මහ තරගය මාර්තු 06දා පැවැත්වීමට නියමිත ය.

ආසියානු කුසලාන තරගාවලියේ මේ දක්වා පැවැති එක්දින තරගවල දී සාර්ථකම කණ්ඩායම බවට පත් ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ය. එහි දී තරග 48 ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එයින් තරග 34 ක්ම ජය ගැනීමට සමත් ව තිබේ.

 

Rate this item
(0 votes)