April 28, 2024

දෙවැනි ජයග්‍රණයත් ඩිල්ෂාන්ගේ කණ්ඩායමට 

කලම්බු කමාන්ඩෝස් කණ්ඩායම පරාජය කර ඊයේ (27) පැවති තරගයකින් කඩුලු 06 ක ජයක් ලැබීමට තිලකරත්න ඩිල්ෂාන් නායකත්වය ලබාදෙන හම්බන්තොට ටෘපර්ස් කණ්ඩායම සමත් ව තිබේ.

ටෘපර්ස් කණ්ඩායම තරගාවලියේ ලැබූ දෙවැනි ජය මෙය වේ.

හම්බන්තොට ටෘපර්ස් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කමාන්ඩෝස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 162 ක් රැස්කිරීමට සමත් විය. 

සුපුරුදු පරිදි මෙම තරගයේ දී ක්‍රියාත්මක වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 25 කදී ලකුණු 51 ක් රැස් කරමින් ඉනිම නගා සිටුවීම සඳහා දායක විය. 

ඉකුත් 26 වැනි දා පැවති තරගයේ දී ද ගෝල් ගාඩියන්ස් කණ්ඩායමට එරෙහිව දික්වැල්ල ලකුණු 51 ක් රැස් කිරීමට සමත් විය. ටෘපර්ස් වෙනුවෙන් තිලාන් තුෂාර හා සීක්කුගේ ප්‍රසන්න කඩුලු 02 බැගින් දවාලමින් දක්ෂතා දැක් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ හම්බන්තොට ටෘපර්ස් කණ්ඩායම ලකුණු 163 ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 04 ක් පමණක් දැවී තරගයේ 18.1 වැනි පන්දුවාරයේ දී පසුකර යාමට සමත් විය.

මෙවර ද ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් සීක්කුගේ ප්‍රසන්න පන්දු 21කදී හයේ පහර 03 ක් හා හතරේ පහර 03 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් විය. 

 

Rate this item
(0 votes)