April 27, 2024

අන්තර් පළාත් 20 - 20 ඇරඹෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් 20 -20 තරගාවලිය ඊයේ (26) ආරම්භ විය.

කණ්ඩායම් 05ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහි දී පිටියට පිවිසි අතර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග පමණක් කායික ආබාධවලට ලක්වීම හේතුවෙන් ඊට සහභාගී වී නොමැත.

කුරුණෑගල වොරියර්ස් කණ්ඩායම මහේල උඩවත්ත විසින් මෙහෙයවන අතර කලම්බු කමාන්ඩෝස් කණ්ඩායම මෙහෙයවන්නේ මිලින්ද සිරිවර්ධන ය. 

කැන්ඩි කෲසේඩර්ස් කණ්ඩායම ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් තරග වදින අතර හම්බන්තොට ටෲපර්ස් කණ්ඩායම තිලකරත්න ඩිල්ශාන් විසින් මෙහෙයවයි. දිනේෂ් චන්දිමාල් ගෝල් ගාඩියන්ස් කණ්ඩායමේ නායකත්වය දරයි. 

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අවසන් මහා තරගය පෙබරවාරි මස 05 වැනි දා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත් වේ.

මෙම තරගාවලියේ දී දක්වන දස්කම් අනුව එළැඹෙන 20 - 20 ලෝක කුසලාන තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ක්‍රීඩකයන්ට අවස්ථාව හිමිවනු ඇත. 

Rate this item
(0 votes)