April 27, 2024

ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය

ආසියානු කුසලාන දෘශ්‍යාබාධිත පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ව තිබේ. 

ශ්‍රී ලංකාව හා ඉන්දියාවට අමතර ව බංග්ලාදේශය, නේපාලය හා පාකිස්තානය යන කණ්ඩායම්හි සහභාගීත්වයෙන් ලීග් ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තරග 04කට සහභාගී වූ අතර ඉන් තරග 02ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අනෙක් තරග 02 පරාජය විය.

පළමු තරග දෙකෙන් බංග්ලාදේශය කඩුලු 09 ක් හා නේපාලය ලකුණු 137 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර පාකිස්තාන හමුවේ ලකුණු 90 කින් හා ඉන්දියාව හමුවේ ලකුණු 32 කින් පරාජය විය.

සියලු තරග ජයගත් සත්කාරක ඉන්දීය කණ්ඩායම පළමු වරට පැවැති මෙම ආසියානු කුසලාන දෘශ්‍යබාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර, පාකිස්තාන කණ්ඩායමට එහි අනුශූරතාව හිමි විය. එම තරගාවලිය ඉන්දියාවේ කොචිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.

Rate this item
(0 votes)