April 27, 2024

ක්‍රීඩා හා ශරීර සුවතා සතිය ඇරඹෙයි

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අදින් ආරම්භ වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් අද (25) සිට එළැඹෙන 30 වැනි දා දක්වා මෙම සතිය ක්‍රියාත්මකවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඊට අමතරව එළැඹෙන 30 වැනි දා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රි ලංකාව තුළ ශීඝ්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පාලනය කරමින් නීරෝගිමත්, ප්‍රීතිමත්, ක්‍රීඩාශීලී පරපුරක් රට තුළ ගොඩනැගීම මෙම ජාතික වැඩසටහනේ අරමුණ බව වාර්තා වේ.

සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා මෙන්ම පාසල් දරුවන් සහ ජනතාව මේ සඳහා සහභාගී කරවාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියේ පළමු දිනයවන අද දිනය රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ලෙස නම් කර ඇති අතර එහි ප්‍රධාන වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර දී පැවැත්වීමට නියමිතයි.

 

Rate this item
(0 votes)