April 27, 2024

චන්ද්‍රපෝල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ශිව්නරේන් චන්ද්‍රපෝල් ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව නිවේදනය කොට ඇත.

ටෙස්ට් තරඟ පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර චන්ද්‍රපෝල් පසු වන්නේ හත් වන ස්ථානයේයි. ඔහු විසින් රැස් කොට ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 11,867ක්.

දශක දෙකක් පුරා විහිදෙන සිය ක්‍රිකට් දිවිය තුළ චන්ද්‍රපෝල් වාර්තා කොට ඇති ටෙස්ට් ශතක සංඛ්‍යාව 30ක්.

එක්දහස් නවසීය අනූ හතර වසරේදී ටෙස්ට් වරම් හිමි කර ගත් හතළිස් එක් හැවිරිදි චන්ද්‍රපෝල් ටෙස්ට් තරඟ 164 ක් ක්‍රීඩා කොට ඇත.

එක්දින ජාත්‍යන්තර තරඟ 268කට සහභාගී වී ඇති ශිව්නරේන් චන්ද්‍රපෝල් එක් රැස් කොට ඇති එක් දින ලකුණු සංඛ්‍යාව 8,778කි.

Rate this item
(0 votes)