April 28, 2024

ලොව දෙවැනි අන්තර් ජාතික කාන්තා පාපන්දු සමුළුව මාර්තුවේ දී

ලොව දෙවැනි අන්තර් ජාතික කාන්තා පාපන්දු සමුළුව මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේ දී පැවැත්වීමට තීරණය කළ බව අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සඳහන් කරයි.

කාන්තා පාපන්දු ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය මේ වනවිට වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ.

2015 වසරේ දී පළමු වරට අන්තර් ජාතික කාන්තා පාපන්දු සමුළුවක් පැවැත්වීමට ඔවුන් පියවර ගත්තේ ද ඒ අනුව ය.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති මාර්තු 08 වැනි දා දෙවැනි අන්තර් ජාතික කාන්තා පාපන්දු සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ප්‍රතිසංස්කරණය හරහා සමානාත්වතාවය යන්න මෙවර එහි තේමාව වී ඇත.

Rate this item
(0 votes)