April 28, 2024

මහේල කායික ආබාධයකට ලක් වෙයි 

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් 20 -20 තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කරන මහේල ජයවර්ධන කායික ආබාධයකට ලක්වීම හේතුවෙන් 21 වැනි දා පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සහභාගිවීම අවිනිශ්චිත බව වාර්තා වේ.

තමන් සහභාගි වූ අවසන් තරගයේ දී ලකුණු 53 ක් රැස් කළ මහේල ජයවර්ධන පසුගිය තරග දෙකටම සහභාගි වී නොමැත.

ඔහු පූර්ණ වශයෙන් ප්‍රකෘතිමත් වුවහොත් පමණක් සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සහභාගී කර ගන්නා බව ඇඩිලේඩ් කණ්ඩායමේ පුහුණුකරු ජේසන් ගිලස්පි ප්‍රකාශ කරයි.

මේ අතර මෙල්බර්න් රෙනගේ‍්‍රඩ්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ගේල් පන්දු 12 කින් අර්ධ ශතකයක් රැස් කරමින් යුවරාජ් සිංගේ ලෝක වාර්තාව සම කිරීමට සමත් විය

Rate this item
(0 votes)