April 28, 2024

විනය විරෝධී චෝදනාවලට මැතිව්ස්ගෙන් ප්‍රතිචාර

නවසීලන්ත සංචාරයේ දී කිසිදු ක්‍රීඩකයකු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වූයේ යැයි විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සඳහන් කරයි.

ඔහු ඒ බව කියා සිටියේ කණ්‌ඩායමේ ඇතැම් සාමාජිකයන්, නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලැබූ රාත්‍රී සාද සඳහා සහභාගී වී අලුයම් කාලයවන තෙක්‌ එහි රැඳී සිට ඇති බවට එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.

නවසීලන්තය හා පැවති ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස තරගවලින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉකුත් 12 වැනි දා ශ්‍රි ලංකාවට පැමිණියේ ය.

ක්‍රීඩකයන් දක්ෂතා අතරට නොපැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකික ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියා කලාපයත් පරාජයට පත්වීමට බලපෑ බව මේ අතර නවසීලන්තයේ සිටින ඇතැම් ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන් චෝදනා කර තිබේ.

 

Rate this item
(0 votes)