April 28, 2024

මහේලට බිග්බෑෂ් අහිමි වෙයි

ඕස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටින ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධනට පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් තරගාවලියේ අවසන් තරග ද්විත්වය (ජනවාරි 13/18) අහිමි වී තිබේ.

ඉකුත් ජනවාරි 08 වැනි දා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමග පැවැති තරගයේ දී ලකුණක් ලබා ගැනීමට දිවයාමේ දී මහේල මෙම ආබාධයට ලක් ව ඇත.

මහේල නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරන බවත් ඉක්මනින් මහේලට සුවය ලැබිය හැකි බවත් 38 හැවිරිදි මහේලගේ ආබාධය සම්බන්ධයෙන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ භෞත චිකිත්සක ජෝන් පෝර්ටර් මහතා සඳහන් කර තිබේ.

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වේ.

Rate this item
(0 votes)