April 28, 2024

පළමු තැන සිටි ලංකාව තෙවැනි තැනට 

වසර 02 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර 20 - 20 තරග බිමේ අංක එකේ කණ්ඩායමට බවට ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ එම අභිමානය ඊයේ (10) ගිලිහී ගියේ ය.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (11) පැවැති දෙවැනි තරගය ද පරාජයවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්හි මෙලෙස පහත බැසීමට සිදු විය. 

නව ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම අංක 03 දක්වා පහතට වැටී ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අංක 01 කට ද ඔස්ට්‍රේලියානු කණ්ඩායම අංක 02 කට ද පැමිණ ඇත.

කෙසේ වුව ද මෙම කණ්ඩායම් 03 ම 118 බැගින් සම ප්‍රසාද ලකුණු හිමි කරගෙන සිටී. දෙරට අතර ඉකුත් 08 වැනි දා පැවැති පළමු 20 - 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුව ද, ඔවුන්ට අංක 01 රැක ගැනීමට හැකි වූ අතර එම තරගයෙන් අනතුරු ව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 121 ක් හිමි ව තිබේ.

නවසීලත්ත කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට නොහැකි වී ඇති අතර ඔවුන් 07 වැනි ස්ථානයේ දී රැඳී සිටී. නමුත් 111 සිට 114 දක්වා ප්‍රසාද ලකුණු වැඩි වී ඇත.   

20 - 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

Rate this item
(0 votes)