May 04, 2024

පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව පියවර 06 ක් ඉදිරියට

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියෙන් අනතුරු ව නිකුත් වූ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව පියවර 06 ක් ඉදිරියට එමින් 188 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ. 

මීට පෙර ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ලබාගෙන සිටියේ 194 වැනි ස්ථානයයි. 

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 153 වැනි ස්ථානය හිමි කරගෙන සිටින ඇෆ්ගනිස්ථානය දකුණු ආසියාවේ පළමු ස්ථානය හිමිකර ගෙන තිබේ.

මෙවර දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය හිමිකර ගත් ඉන්දීය කණ්ඩායමට ලෝක ශ්‍රේණිගත කිරීම්වල දී හිමි ව ඇත්තේ 163 වැනි ස්ථානයයි.

Rate this item
(0 votes)