May 04, 2024

රොබොටික් ලෝක ශූරතාවය ජර්මන් ටෙක් සිසුන්ට

"TECHFEST- 2015" විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයේ රොබෝ තාක්ෂණ  (Robotics) අංශයෙන් තරග කර ලෝක මට්ටමේ පළමු ස්ථානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණ ආයතන (German Tech) ශිෂ්‍ය කණ්ඩායම සමත් වී ඇත.

ඉන්දීය තාක්ෂණ ආයතනය විසින් ඉන්දියාවේ මුම්බායිහී දි පැවැත් වූ ආසියාවේ විශාලතම විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය මෙය වේ. මෙම ශිෂ්‍ය කණ්ඩායමට එච්.ආර්.අර්ජුන ප්‍රේමචන්ද්‍ර, පී.කේ.ඩී.පල්ලෙවෙල, ආර්.ටී.එල්.දෙහිපිටිය, ජේ.ඩී.විතානාච්චි , එස්.පී.සී.එස්. කරුණාරත්න යන සිසුන් 05 දෙනා අයත් වෙති.

 මෙම තරගාවලිය ලෝකයේ තාක්ෂණ විශ්වවිද්‍යාල අතර පැවැත්වෙන්නක්වන අතර මෙරටින් මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමක් හා ICBT විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සහාභාගි වී තිබේ.

මෙම සිසුන් 05 දෙනා විසින් දුරස්ථ පාලක හා පරිගණක තාක්ෂණය ඇසුරින් විනිසුරුවන් ලබාදෙන කාර්ය ඉතාම කෙටි කාලයකින් ( මි.02කින් ) නිම කර ප්‍රංශය, ඉන්දියාව, දකුණු කොරියාව, ඊජිප්තුව, පිලිපීනය, පාකිස්ථානය වැනි රටවල් 20 ක තරගකරුවන් පරාජයට පත්කර මෙම ලෝක සම්මානය දිනාගෙන ඇත.

 

Rate this item
(0 votes)