May 03, 2024

ශ්‍රී ලංකා නවසීලන්ත 04 වැනි එක්දින තරගය නෙල්සන්හි දී 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර හතර වැනි එක්දින ක්‍රිකට් තරගය නෙල්සන්හි දී මේ වනවිට පැවැත් වේ.

අද තරගයේ ආරම්භයට වර්ෂාවෙන් දැඩි බාධාවක් එල්ල වූ බව වාර්තා වේ. ඒ හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 24 බැගින් ලබා දී තරගය පැවැත්වීමට තීරණය කර තිබේ. 

ඒ අනුව කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ  අවස්ථාව නවසීලන්තයට ලබා දී ඇත. 

මේ වනවිට පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්තය පන්දුවාර 09 ක් අවසානයේ කඩුලු 03 ක් දැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 75 කි. 

 

Rate this item
(0 votes)