May 04, 2024

ඇෆ්ගනිස්ථානය අවසන් මහා තරගයට 

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ අවස්ථාව ඊයේ (31) මග හැරී ගොස් තිබේ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හමුවේ ගෝල 05ට 0 ක් ලෙස පරාජයට පත්වීමත් සමග එම අවස්ථාව මග හැරී ගොස් ඇත.

ඊයේ පැවති අනෙක් අවසන් පූර්ව තරගයෙන් මාලදිවයින් කණ්ඩායම ගෝල 03 ට 02 ක් ලෙස පරාජයට පත්වීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 

ඒ අනුව, දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ සුදුසුකම් ලැබීමට ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය සමත් ව සිටී.  

Rate this item
(0 votes)