May 07, 2024

ලංකාවට කඩුලු 08 ක ජයක්

December 31, 2015

සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ අද (31) පැවති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 08 ක් පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 276 ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගගයේ 46.2 වැනි පන්දුවේ දී ලකුණු 277 ක් රැස් කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කර ගත්හ.

මේ වනවිට පහකින් යුත් එක්දින තරගාවලියේ තරග 2 -1 ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් පසු වෙයි.

Rate this item
(0 votes)