May 06, 2024

ශ්‍රී ලංකාව දෙවැනි කඩයිමත් අසමත් වෙයි

December 29, 2015

තරගාවලියේ බලාපොරොත්තු තවදුරටත් ශ්‍රී ලංකාවෙන් දුරස් කරමින් දෙරට අතර ඊයේ (28) පැවති දෙවැනි එක්දින තරගයෙන් ද කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 05 කින් යුත් එක්දින තරගාවලිය තරග 2 – 0 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසු වෙයි.

ක්‍රයිස්චර්ච්හි හැග්ලේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය. 

කෙසේ වුය ද මැට් හෙන්රිගේ හා මිචෙල් මැක්ලෙන්ග්හැන්ගේ අභියෝගාත්මක පන්දු යැවීම ඉදිරියේ බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාවක් කරා ඉනිම රැගෙන යාමට ශ්‍රී ලංකා පිතිරකරුවන්ට නොහැකි වූ අතර, අවසානයේ පන්දුවාර 27.4 තුළ සියල්ලන් දැවී ඔවුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 117 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවෝ කිසිවෙකුත් නොදැවී ලකුණු 118 ක ජයග්‍රාහී ඉලක්කය පසු කරයාමට සමත් විය. 

මෙහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩා කළ මාටින් ගප්ටිල් පන්දු 30 කදී ලකුණු 93 ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ප්‍රහාරත්මක ඉනිමට හතරේ පහර 09 ක් හා හයේ පහර 08 ක් අන්තර්ගත වූ අතර, එම ඉනිම හේතුවෙන් පන්දුවාර 8.2 කදී ඔවුන්ට ජයග්‍රහණය සම්පූර්ණ කර ගැනීමට හැකි විය. ගප්ටිල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ය.

මෙම තරගයේ දී ජෙෆ්රි වැන්ඩර්සෙ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත්තේ ය.

Rate this item
(0 votes)