May 06, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 188ට සිමා කරයි

December 26, 2015

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ක්‍රසිය්චර්ච්හි පැවැතත්වෙන පළමු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 188ට සිමා කිරීමට නවසිලන්ත පන්දු යවන්නෝ සමත් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 06 ලකුණු 65ක් තුළ දි දැවී ගිය අතර ඉන් අනතුරු ව මිලින්ද සිරිවර්ධන හා නුවන් කුලසේකර 07වැනි කඩුල්ල සඳහා අගනා ලකුණු 98ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරනු ලැබී ය.

ලකුණු 189ක පහසු ඉලක්කයක් හඹා යමින් සිටින නවසීලන්ත කණ්ඩායම මේ වනවිට පන්දුවාර 11ක් අවසානයේ දී එක් කඩුල්ලකට ලකුණු 114 ක් රැස් කරගෙන සිටී.

මාටින් ගප්තිල් හා නායක බ්‍රෙන්ඩන් මැකලම් වේගවත් අර්ධශතක රැස් කරමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළහ.

Rate this item
(0 votes)