May 06, 2024

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ස්මිත්

December 24, 2015

2015 වසරට අදාළ අන්තර්ජාතික ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් අයි.සී.සී. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගැනීමට සමත් වී ඇත.

එහි දී ස්මිත්ට වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ද හිමි විය.

මෙහිදී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්ට ද, පන්දුවාර විස්ස හොඳම දක්ෂතාව සම්මානය දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසිස්ට ද හිමි වී ඇත.

එළැඹෙන වසරේ දී ක්‍රීඩා පිටියෙන් සමු ගැනීම ප්‍රකාශ කළ නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්ට එහි දී ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීම වෙනුවෙන් සම්මානය හිමි විය.

 

Rate this item
(0 votes)